Spread the love

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද (17) සවස එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එම කාර්යාංශයේ නිලධාරීන් ඉල්ලීම් කර තිබුණි.

ඔවුන් දෙදෙනාව දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා සිටිති.