Spread the love

නිමල් රාජපක්ෂ         කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී වරායේ ගිනි නිවන අංශය  සාර්ථකව මැඩ පවත්තා මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බව වරාය අධිකාරිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාට උපදෙස් ලබාදෙන ලදී.