නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබීරේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් සොයාගෙන ඇත.
එහි දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයාගෙන ඇත.
එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී දුම්වැටි සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනාරාල් සීවලී අරුක්ගොඩ මහතා සදහන් කළේ.
අදාළ දුම්වැටි වල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමගින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.