Spread the love

නාගොඩ -සුමන

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ. 
වරයා නගර කොමිසමේ නිලධාරීන් පසුගියදා මුදල් කාරක සභාව  රැස්වූ අවස්ථාවේදී මෙසේ දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය විමසන ලෙස මුදල් කාරක සභාව එහිදී නිර්දේශ කර තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය  හිමිව තිබේ. 
කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 04ක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස එහිදී නිර්දේශ වී තිබේ.