Spread the love

වව්නියාව සෙට්ටිකුලම් මන්නාරම් ප්‍රධාන මාර්ගයේ පරයානංකුලම් ප්‍රදේශයේ ඇද තිබූ විදුලි සංදේශ රැහැන් කණු වලට වනඅලි රංචුවක් විසින් හානි කොට බිම හෙලීම හේතුවෙන් (18) ප්‍රදේශ කිහිපයකට විදුලි සංදේශ සේවාව ඇණහිට ඇතැයි වාර්ථා වෙයි.

පරයානංකුලම් පොලිස් ස්ථානය ආසන්නයේ සිට කිලෝමීටර් දෙදකට අධික දුර ප්‍රමාණයක් පිහිටි විදුලි සංදේශ රැහැන් ඇද තිබූ කණු 16 ක් මෙලෙස වනඅලින් විසින් බිම හෙලා තිබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඒම සේවාව අහිමිව තිබුණි.

වනඅලි හානිය පිළිබඳව පොලීසිය විසින් විදුලි සංදේශ වව්නියාව කාර්යාලයට දැනුම් දීමෙන් පසුව අද දින අදාල හානියට පත් කනු ඉවත් කොට නැවත් අලුතින් කනු දමා යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි.

කෙසේ වෙතත් මීට පෙරද මෙලෙසින් වනඅලින් විසින් විදුලි රැහන් කනු වලට මෙන්ම විදුලි සංදේශ කනුවලටද හානි කොට තිබීම විශේෂත්වයක් වෙයි.