Spread the love

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහට මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

වඩිවේල් සුරේෂ් මහතා ඒ බැව් කියා සිටියේ (15) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ

ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා , මැතිවරණ කොමසාරිවරයා ව්‍යාවස්ථාන අනුව කටයුතු කරයි කියලා මම හිතනවා,

ඔක්තොම්බර් මස වෙද්දි තමයි ව්‍යාවස්ථාන අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනි,

රට දැන් ආර්ථික වශයෙන් ගැටළු වලට මුහුණ දිලා තියෙන අවස්තාවක් ඒ නිසා පාට පක්ෂ භේද අමතක කරලා සියළු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තොරාපත් කර ගන්න අවශ්‍යයි,

එහෙම නැතුව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කලොත් රට වැටෙනවා ආයේ, පාකිස්ථානයට වෙලා තියෙන දේ පේනවනේ ?

මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනි , පක්ෂ වලට බෙදිලා ජන්ද කැලි කැලි කඩන්නේ නැතුව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තොරාපත් කර ගන්න අවශ්‍යයි,

ජනාධිපතිවරයා වටේ ඉන්නේ පොදු ජන පෙරමුණ ඒ නිසා ඒ අය ස්වාධින කෙනෙක් පත් කරයි , කදුරට ජනතාව හැටියට අපි කියන්නේ පාට පක්ෂ භේදයක් නැතුව කටයුතු කරන කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් පත් කල යුතුයි කියලා,

කදුකරයේ ජනතාවගේ නිවාස , අධ්‍යාපන ගැටුළු විසදෙන්න ඕනි , වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය කියලා තියෙනවා අපි වතු සමාගම් සමග සාකච්ඡා කරලා,