Spread the love

වතු සේවකයින්ගේ දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දීත් එය නොගෙවීම හේතුවෙන් වැඩ වර්ජනය දියත් කෙරේ.

එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.