Spread the love

ඉකුත් මස (28) දින සැකකාර පාසල් සිසුන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුලට ඇතුල් වි එම නිවසේ තිබු රු ලක්ෂ දෙකක මුදලක් සොරකම් කර එම මුදලින් ජංගම දුරකථනයක් , ක්‍රිකට් පිත්තක් සහ බෝලයක් , පරවියන් අට දෙනෙකු , විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක් මිල දි ගෙන ඇත.

මුදල් අස්ථානගත විම සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිල්ලක් මත සිදු කල විමර්ෂණයකින් පසු සැකකාර පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සොරකමේ තොරතුරු අනාවරණය වි ඇත.

සොරාගන්නා මුදලින් රු දොලොස් දහසක මුදලක් සැකකාර පාසල් සිසුන් දෙදෙනා සන්තකයේ තිබු බවත්, එම සිසුන් දෙදෙනා මිතුරන් බවත්, සැකකාර පාසල් සිසුන් දෙදෙනා හැටන් සහ වටවල හයිඩ්‍රි වතුයායේ පාසල් වල 7 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකාර පාසල් සිසුන් දෙදෙනා හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් දුරකථනයක් මිල දි ගැනිමට කටයුතු කිරිමේදි එම අලෙවිසැලේ හිමිකරු විසින් රු විසි දහසක් පමණ වටිනා භාවිතා කරන ලද ජංගම දුරකථනයක් සැකකාර පාසල් සිසුන් දෙදෙනාට රු අසු දහසක මුදලකට අලෙවි කර ඇති බවත්, පාසල් ළමුන් දෙදෙනාට මෙපමණ මුදලක් ලැබුණේ කෙසේද යන්න පිලිබදව තොරතුරු අනාවරණය නොකරගෙන පාසල් සිසුන් දෙදෙනා රවටා අධික මිලකට ජංගම දුරකථනය අලෙවි කල හැටන් ප්‍රදේශයේ පදිංචි අලෙවිසැලේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම් කරන ලද මුදලින් සැකකාර පාසල් සිසුන් දෙදෙනා මිල දි ගත් භාණ්ඩ සියල්ල පොලිසිය විසින් සොයාගෙන ඇති අතර , එම සැකකාර පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පැවසිය.

වටවල පොලිස් වසමට අයත් හයිඩ්‍රි වතුයායේ නිවසක් තුල තිබු රු ලක්ෂ දෙකක මුදලක් සොරකම් කල (13) හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු (01) දින සිය භාරයට ගත් බව වටවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මදුසංඛ මහතා පැවසිය.