Spread the love

නිමල් රාජපක්ෂ-
හික්කඩුව ,කලූපේ හා බේරතුඩුව ආශ්‍රිත වගුරු ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ හයක් වටිනා මත්පැන් තොගයක් අද (10)දකුණු පලාත් සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මත්පැන් නිෂ්පාදනාගාරයේ නිති විරෝධී ස්ප්‍රිතු මිලි ලීටර් 5000 ක්, , ගෝඩා ගෝඩා ලීටර් 1600 ක් අඩංගු බැරල් තොගයක් , පෙරණ උපකරණ තොගයක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් වෙත්තසිංහ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය හා උපකරණ හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත, ගාල්ල සුරාබදු අධිකාරී සේනක සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් ,දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපති සරත් වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයෙහි සුරා බදු පරීක්ෂකවරුන් වන බුද්ධික චමින්ද ,නලින් නන්දසිරි ,ෂෙහාන් සිල්වා ,සුරාබදු සැරයන් 855 ජයකොඩි සුරාබදු කෝප්රල් වරුන් වන 801 නුවන් ,1117 අචලක ,1183 රුචිර සහ රියදුරුවරුන්වන ජිනේන්ද්‍ර සහ ඒකනායක , ගාල්ල සුරාබදු සුථානාධිපති ලලිත් කුමාර, සුරාබදු පරීක්ෂක වීරක්කොඩි,සුරාබදු කෝප්‍රල් වරුන් වන 980ඉන්දික ,1078 සුජිත්,1090 තුලිත හා රියදුරු ලක්මාල් හා මාතර සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක ලක්ෂාන්, සුරාබදු කෝප්‍රල් වරුන් වන 1108මදුශංක ,1201හර්ෂනාත් හා රියදුරු ප්‍රියන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.