Spread the love

කොකාවැව දුටුවැව ප්‍රදේශයේ වගා ළිදකට වැටී කුඩා දරුවෙකු මියගොස් ඇතිබව කොකාවැව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 02 මාස 05 වන දුටුවැව 12 කොටසේ පදිංචි දරුවෙකි.

දරුවා සමග වයස අවුරුදු 31 වන ඇගේ මව ද ළිදට වැටී තිබේ.

මව ළිදට දමා ඇති ලණුවක එල්ලී සිටියදි ගොඩගෙන ප්‍රතිකාර සදහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුලත් කර බව පොලිසිය පවසයි.

දියණිය ළිදේ ජලය මතුපිට පාවෙමින් සිටියදි රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් කුඩා දැරිය මියගොස් සිට තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කොකාවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.