Spread the love

ගොවි ජනපදවල වේගයෙන් ව්‍යාප්ත වෙන වකුගඩු රෝගයට විසදුමක් ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගෙන එන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ගොවි ජනපදවල ජනතාව අඩු වයසෙන් වකුගඩු රෝගයට වේගයෙන් ගොදුරු වෙමින් සිටින බවත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත හේතුවක් සොයාගෙන නැති බවද කී දිසානායක මහතා තම ආණ්ඩුවක් යටතේ ඊට කඩිනමින් හේතු සොයා ගැනීමට පරීක්ෂණ සිදු කරන බවත් ඊට විසඳුම් ලබාදෙන බවත් පැවසුවේය.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි රැළියක් අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

මෙවර එන මැතිවරණයේදී නැවත වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පළමු වතාවට පිහිටුවීමට සියලු දෙනා එකමුතු විය යුතු බවද හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.