Spread the love


නිමල් රාජපක්ෂ-

සුගත්ලා, වයිට්ලා, රෝසලා, , තරුෂිලා මෙන්ම ලෝකයේ සුන්දරම පරාජිත අපරාජිතයා වු කෝප්රල් කරුණාරත්නලා වැනි ක්‍රිඩික ක්‍රීඩිකාවන් මේ බිමෙන් බිහිවේවායි ප්‍රාර්ථනා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියයි.

48 වෙනි ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමිව මධ්‍යම පළාත් මලල ක්‍රිඩා උළෙල දිගන පළාත් ක්‍රිඩා සංකිර්ණයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ ක්‍රිඩාවේදී ලබා ගන්නා අත්දැකීම් එදිනෙදා ජීවිතයේදී ප්‍රගුණ වීමෙන් මහා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වනු ඇත.
ක්‍රීඩාව ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඉවහල් වන්නා සේම සොබාදහම සහ පරිසරය සමග සම්බන්ධවි තිබෙන අතර යහපත් ආකල්ප සහ නිරෝගිමත් අනාගත පරපුරක් උදෙසා ක්‍රීඩාව වැළද ගැනීම අපි සැමගේම වගකිමක් . එබැවින් හැකි සෑම අවස්ථාවකම ක්‍රීඩාවක් සිදු කර ගැනීමට හැකි නම් එය ජීවිත අර්ථවත් කිරීමට අස්වැසිල්ලක් වන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මධ්‍යම පලාතෙන් ඔලිම්පික් මට්ටම සදහා ගොස් රටේ කිතු ගොස නැංවූ සුගත්ලා, වයිට්ලා, රෝසලා, , තරුෂිලා මෙන්ම ලෝකයේ සුන්දරම පරාජිත අපරාජිතයා ලෙසින් සලකන 1964 ඔලිම්පික් උළෙලේදී මීටර 10000 තරගයේ හොදම පරාජිතයා වෙමින් ජපන් පෙල පොත් අතරට ලංකාවේ නම ගෙන ගිය කෝප්රල් රණතුංග කරුණාරත්නලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිවූ මේ බිමෙන් තවත් එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනින් බිහිවේවායිද ඒ සදහා අවශ්‍ය පසුබිම සෑදීමේ කාර්යය පළාත් සභාවක් ලෙස ඉටු කිරීමට නොපැකිළෙන බවටද මෙහිදී කියා සිටියේය.

පළාත් සභාව මගින් ක්‍රිඩා ජවය වැඩසටහන යටතේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට මුල්‍යමය ප්‍රදානයක්ද මෙහිදි සිදු කෙරුණු අතර දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා ජය සංකේත ප්‍රදානය කිරිමද ආණ්ඩුකාරවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ එම්.තිලකේෂ්වරි යන මහත්ම මහත්මින් ඇතුලු ක්‍රිඩක ක්‍රිඩිකාවන් පිරිසක් එක්වි සිටියහ.