Spread the love


ලෝක දුම් වැටි විරෝධී දිනය අදට (31) යෙදී ඇති අතර මේ වෙනුවෙන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳවත් ඉන් මිදීමේ වටිනාකම පිළිබඳවත් ප්‍රජාව දැනුවත් කිරීමේ වීදි නාට්‍ය සංදර්ශනයක් අද පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී රඟදැක්වීය.

මීට සමගාමීව කොඩි අලෙවි කිරීමක් ද සිදු වූ අතර ප්‍රථම කොඩිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා වෙත පිරිනැමීය.

අත්තනගල්ල සංස්කෘතික වීදි නාට්‍ය කණ්ඩායම විසින් එළිදක්වන ලද නාට්‍ය සංදර්ශනය සංවිධානය කරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසිනි.

මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි, රුචිර විතාන, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ජේ.ඒ්.ඩී. ශානිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.