Spread the love

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි නාවක්කාඩු ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මිය ගොස් තිවත් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි අච්චුවේලි පොලීසිය පවසයි.

පේදුරුතුඩුව දෙසට ගමන්ගත් කුඩා ලොරි රථය එකවරම අතුරු මාර්ගයකට හැරවීමට ගත් උත්සහයකදී පිටුපසින් අධික වේගයකින් පැමිණි යතුරුපැදියකට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් පරික්ෂණ වලදී අනාවරනය වී ඇත.

මෙහිදී යතුරුපැදියේ ආ තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර කුඩා ලොරියේ පැමිණි දෙදෙනෙකු තුවාල ලබා අච්චුවේලි රෝහලට සහ යාපනය ශික්ෂණ රෝහලට අතුලත්කොට ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ පූතුර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සිවනේෂන් සියාන් නැමති තරුණයෙක් වන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.