Spread the love

මිරිගම සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු ලොරි රථයක් පැවති වර්ෂාවත් සමග ලිස්සාගොස් උමං මාර්ගයක ගැටිම නිසා අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

(20) දින අලුයම 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ඉදිරියට ඇදි ගොස් ලොරි රථය උමං මාර්ගයේ ගැටි නතර වි ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.