Spread the love

චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, නිවෙස්වලට ගොස් වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

චීන වැසියන්ගෙන් 90% ට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිය ද බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ වැඩිහිටියන්ගෙන් 57.9%ක් පමණි.

එරට රජය පවසන්නේ ලොක්ඩවුන් ඉවත් කිරීම, කොවිඩ් පරීක්ෂණ සීමාකිරීම වැනි සීමා ලිහිල් කිරීම මගින් මිලියනයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවය.

මේ අතර කොවිඩ් රෝගීන් ගණන ඉහළ යාම හේතුවෙන් ෂැංහයි හි පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ වනවිට එම පාසල්වල ගෘහස්ථ ක්‍රීඩාංගන වෛද්‍ය සායන බවට පරිවර්තනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.