Spread the love

දරුවන් වැඩිම ලිංගික හිංසනයන්ට ලක්ව ඇත්තේ සමීපතම අයගෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

මෙම තත්වය වහාම අවම කර ගත යුතුය.

ඒ සඳහා ළමුන්ට ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය ලබාදිය යුතු බව පැවසීය.

සිදුවන ලිංගික හිංසනයන්ගෙන් නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත වාර්තා වනුයේ ඉතා සුළු ප්‍රමාණයක් බව සභාපතිවරයා පැවසීය.

මෙය බරපතළ තත්වයක් බව වැඩිදුරටත් පැවසීය.

ළමුන්ගේ ක්ශනිකව හටගන්නා හැසිරීම් රටාවේ වෙනස් වීම් පිළිබඳව දෙමව්පියන් භාරකරුවන් වහා අවධානය යොමු කළයුතු බව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පැවසූවාය.

දරුවන් එලෙස හැසිරෙනුයේ දරුවන් කායික , මානසික හිංසනයකට ලක්වූ අවස්ථාවකය.

එවිට එවැනි දරුවන්ට සමාජයේ පුද්ගලයන් විශ්වාස නොමැති මට්ටමකට පත්වෙයි.

මෙම තත්වයට ගැහැණු දරුවන් පමනක් නොව පිරිමි දරුවන් ද පත්විය හැකිය.

සියලු දරුවන් මේවන විට අනාරක්ෂිත තත්වයක පවතියි.

ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පවතින ප්‍රශ්න රැසකට විසඳුම බව මනෝ වෛද්‍ය විශේෂඥාවරයා වැඩිදුරටත් පැවසුවාය.