Spread the love

සංචාරක කර්මානතය ප්‍රවර්ධනයට ලෝකයේම අවධානය යොමු කල මල් විකුණන ළමයා ගැන සංචාරක ඇමතිවරයාගේ හෝ පාලකයින්ගේ කිසිදු අවධානයක් යොමු වි නොමැති බව හිටපු පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

සුනිල් හදුන්නෙත්ති මහතා ඒ බැව් කියා සිටියේ බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම යන මැයෙන්හැටන් කොටගල නගරයේ පැවති සාකච්ඡා සභාව අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ

නුවරඑලිය රම්බොඩ මාර්ගයේ මල් විකුණන ළමයෙක් ගැන කතා වෙනවා, ඒ ළමයගේ විඩියෝව චීනයේ කොටි 13 කට අධික පිරිසක් නරඹලා තියෙනවා, ඒ නිසා දැන් විදේශිය සංචාරකයන් එනවා නුවරඑලියට මල් විකුණන ළමයි බලන්න.

නුවරඑලිය රම්බොඩ පැති වල මීට කලින් මල් විකුණන ළමයි හිටියේ නැද්ද ? අහඹු සිදුවිමක් විදිහට ඒ ළමයගේ විඩියෝව ප්‍රසිද්ධ වෙලා ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන සියළු දෙනා කතා වෙනවා.

හැබැයි මේ ළමයා ගැන සංචාරක ඇමතිවරයා මොනවා හරි කතා වෙනවා දැක්කද? හරින් ප්‍රනාන්දු හෝ ආණ්ඩුවේ කවුරු හරි කතා වෙනවා?

මම මේක කිව්වට පස්සේ දැන් ඉතින් රනිල්ගේ වේදිකාවේ මල් විකුණන ළමයා කියලා උස්සන් ගිහින් පෙන්වයිද දන්නේ නැ.

ලංකාව උඩට අරන් ආපු , සංචාරක කර්මාන්තය උඩරට අරනු ආව ළමයා ගැන ආණ්ඩුවේ කිසිවෙක් කතා වෙන්නේ නැ.

පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ ඩයනා ගැනයි , අපේ පක්ෂයේ ලාල් කාන්ත සහෝදරයාට වචනයක් වැරදුණාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කෑ ගහනවා.

පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ රටේ හරිම අවංක නිතිගරුක පිරිසක් , අපේ හරිනි අමරසුරිය සහෝදරිය මරන් කන සයිස් එකට කෑ ගහනවා.

ඒ එක්කෙනෙක්වත් ජිවත් වෙන්නේ දහදිය දාගෙන පාරවල් දිගේ දුවගෙන යන මල් විකුණන ළමයා ගැන කතා වෙන්නේ නැනේ.

සමාජ මාධ්‍යට මතක් වුණ ළමයා ගැන පාර්ලිමේන්තුවට අමතක වෙන්නේ ඇයි?

පාර්ලිමේන්තුවයි රටේ ජිවත් වෙන්න පොර බදන මිනිස්සුයි අතර කිසිම සම්බන්ධතාවයක් නැ.

විදේශිකයන් ඒ ළමයට කරන දේවල් කරන්න ඕනි අපේ රටේ ඇමතිවරු , පාර්ලිමේන්තු මන්ත්‍රිවරු නේද?

ඒ ළමයා කතාව ඇතුලේ කදුලු කතාවක් තියෙනවා නේද ? පාසල් යන්න ඕනි වයසේ ළමයෙක් නේද ?

ඒ ළමයා කියනවා මට චීනෙට යන්න කතා කලත් මම යන්නේ නැ , මගේ එකම හීනේ ගෙදර හදාගන්න එක කියලා.

ඒ වගේ ඉගෙන ගන්න වයසේ ඉන්න ළමයිට අධ්‍යාපනය ලබන්න සලසා දෙන්න බැරි කරුම නරුම පාලකයින් ඉන්න රටක් මේක යනුවෙන් පැවසිය.