Spread the love

ළමුන් අතර ළමා හතිය සහ නියුමෝනියා රෝගය පැතිර යාම ඉහළගොස් ඇතිබව කොළඹ රිච්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

පසුගිය සති කිහිපය තුල පැවති වැසි සහිත කාලගුණ තත්වය සහ ඉහළ ස්වසන මාර්ගයේ පැවති වෛරස උණ ඊට හේතුවී තිබේ.

රාත්‍රී කාලයේ කැස්ස සහ හුස්ම ගැනීමට අපහසුතාවක් පවතීනම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.