Spread the love

ලබන වසරේදී අලුත් සැලසුම් හා යෝජනා සමගින් තරුණ පරපුර බලාපොරොත්තු වන අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් (සිස්ටම් ජේන්ජ් එකක්) සිදු කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමතිවරයා මේබව ප්‍රකාශ කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,ලබන වසරේදී ඇති හැකි පාසලක් තුළින් තැති බැරි පාසලකට උදව් උපකාර කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ,

මේ වනවිට සමෘද්ධිය ලබන පවුල්වල දරුවන් ඇතුළුව අධ්‍යාපනය හදාරන දරුවන් ලක්ෂ පහලොවකට ලබන වසරේදී පෙළ පොත් හා උපකරණ ලබාදීමට තිරණය කර ඇත. ලබන වසර මුල් කාර්තුවේදී පාසල් දරුවන්ට දිවා ආහාරය, නිල ඇදුම්ද ලබාදීමට මේ වනවිට සැලසුම් සකස් කර ඇතැයිද සුසිල් ප්‍රේම් ජයන්ත ඇමතිවරයා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු අධ්‍යාපන ඇමතිවරයා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න SUBCRIBE කරන්න