Spread the love

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම විවස්තාව අනුව අනීවාරයෙන්ම මෙම වසර තුළ පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එය කිසිසේත් කල් දැමිය නොහැකිය.

ඒ අනුව ඔක්තෝබර් 17 පෙර ජනාධිපතිවරණය අනීවාරයෙන්ම පැවැත්විය යුතු බව පැවසීය.

ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් බලය ලැබී තිබේ.

ඒ සඳහා ආණ්ඩුව, අවශ්‍ය මුදල් ලබාදීමට බැදී සිටින බව පැවසීය.

මේ අතර පළාත් සභා ඡන්ද විමසීම ,පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ලබන වසරේ පැවැත්විය යුතු පාර්ලිමේන්තු මහ මැතිවරණය 2025 දෙසැම්බර් මාසයට පෙර පැවැත්විය යුතු බව හිටපු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.