Spread the love

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය‍

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වියා.

. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad හා Mohammad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුය.

ඒ අනුව මේ වන විට තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.