Spread the love

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය ලක්ෂ හැත්තෑ එකක් බවයි.

මෙතෙක් මාස දෙකක් හෝ බිල්පත් නොපියවා යම් කාල සීමාවක් යනතුරුම රතු බිල්පත් නිකුත් කිරීමක් සිදු නොවීය.

නමුත් මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් පූර්ණයෙන් නොකිරීම නිසා මන්ඩලය ආදායම් එක්රැස් කරගැනීමට ලැබී ඇති උපදෙස් පරිදි මාසයක් තුළ බිල නොගෙවන අයටද රතු නිවේදන යවමින් සිටියි.

එමෙන්ම සෑම මසකම ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.