Spread the love

වෙන නිසා සරසවි පොත්හල් රටපුරා වැඩි වැඩියෙන් ඇති කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම මුදල් විශුද්ධිකරණය පොතේ උපහාරයක් ලෙස එතුමගේ වැකි දෙකක් ඇතුළත් කරලා තිපුණා.

‘‘අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන්, ඇමරිකාව, ජපානය, ඡමනිය, ඉන්දියාව, හොංකොන්, ප්‍රංශය සහ එංගලන්තයට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාව, කෘෂිකර්මය, වාරිකර්මාන්තය ආදි නව විෂයන් ගැන දැනුමක් ලබාගෙන ආපසු ලංකාවට ගෙන්වා ගෙන ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වීමට නම් ස්වයංපෝෂිතවීමට නම් විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පාරිභෝජනයෙන් වැලැකී

සිටිය යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය.

පරිහරණය කළ යුතුය.රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය කළ හැකිය. ධනය උත්පාදනය, සංසරණය හා හුවමාරු කිරීම් පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබාදිය යුතුය. ස්වභාවික සම්පත්, විශේෂයෙන්ම වන සම්පත් රැක ගැනීමට හා ඒවා වැඩි දියුණු කිරීමට ක්‍රම හා විධි ඇති කළ යුතුය. දක්ෂ, විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් උසස් තනතුරුවලට පත්කළ යුතුය. ධර්මපාලතුමා එදා කියපු ටික අද කරලා තිබුණ නම් අද රට මේ තැනට වැටෙන්නේ නැහැ.

මේ අවස්ථාවට සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්.‍ ඩී ප්‍රේමසිරි මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.