Spread the love

අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී මෙය සිදු වන බව සඳහන්ය.

ඒ අනුව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි

අද මධ්‍යම රාත්‍රී මුළු ලංකාවටම විශේෂ දෙයක් බලන්න අවස්ථාව ලැබෙනු ඇත. රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ.