Spread the love

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී ඇත.

ඒ අනුව ජනනී ධනංජනා ආසියානු පැරා උළෙලේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.89 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගෙන තිබෙන අතර කුමුදු ප්‍රියංකා ආසියානු පැරා උළෙලේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.76 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇති බව සඳහන් .

පාලිත බණ්ඩාර පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ..