Spread the love

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ රාජපක්ෂ පවුල විසින් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

එසේ නැතිව ජනතාව හොරකම් කර රට බංකොලොත් වූයේ නැති බවද ඇය කියා සිටී.

රාජපක්ෂ පවුල රට බංකොළොත් කළ බව රටේ ඉහළම අධිකරණයද සඳහන් කර ඇති බවත් ඇය සඳහන් කරන්නීය.

එක් වරක් පරාජය කර නැවත හැට නම ලක්ෂයක් ඡන්දය දී බලයට පත් කරන ලද රාජපක්ෂ පවුල රට කාබාසිනියා කළ බවටද ඇය චෝදනා කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

5,442 views