ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමතකරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු කිරීම ඇතුළු ගැටළු ගණනාවක් මුල්කරගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එළබීමට ලංකා බැංකු සේවක සංඟමය කටයුතුකරන බව දන්වමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කිරීමට එම සංගමය කටයුතු කර ඇත.
අතීතයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට බැංකුසේවකයින් හෑල්ලුවට ලක් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව පවසමින් ඒ පිළිඹඳ දැඩි අප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පලකිරීමට එම සංගමය කටයුතු කර ඇත.
වත්මන් අර්බුදය සඳහා විසඳිම් සෙවීම සේවක වරප්‍රසාද කප්පාදුව තුලින් සිදු කල හැකි බව කිසිවකු හෝ විශ්වාස කරන්නේ නම් එය අසාර්ථක උත්සාහයක් බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටී.
එමෙන්ම ගැටළු පිළිඹඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සමඟ සාක්ච්ඡාවක් ලබාගැනීමට අවස්ථා ගණනාවකදී ලිඛිතව හා වාචිකව ඉල්ලීම් කර ඇති අතර ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් මේ වන තෙක් නොලැබීම පිලිඹඳව එම සංගමය කණගාටුව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඉහත කරුණු මුල්කර ගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹීම හේතුවෙන් මූල්‍ය පද්ධතියට සිදුවන අහිතකර බලපෑම පිළිඹඳ වගකීම මුදල් අමාත්‍යංශය බාරගත යුතු බවද එම සංගමය අවධාරණය කරසිටී