Spread the love

මුල්කිරිගල ගුණරත්න

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දහයක් සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ශ හැට හතක් හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් විමද්‍යගත මුදල් මගින් අනුමත කර ඇත.

ඒ අනුව වලස්මුල්ල ඕමාර මහා විද්‍යාලය, වලස්මුල්ල ප්‍රාථමික විද්‍යාලය ,වලස්මුල්ල ජාතික පාසල, කිරම දම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය, පාතෙගම ප්‍රාථමික විද්‍යාලය, වරාපිටිය ද්විතීක විද්‍යාලය , ජූලම්පිටිය මහා විද්‍යාලය, රදෙනිආර මහා විද්‍යාලය, කැකිරිඕබඩ මහා විද්‍යාලය, කිරම දම්මානන්ද මහා විද්‍යාලය, යන පාසල්වල සුහුරු පන්තිකාමර හා වෙනත් අඩුපාඩු සපුරාලීම සදහා මේ මුදල් වෙන්කර තිබේ.

මේ වන විට එම පාසල්වල සංවර්ධන කටයුතු නිමවෙමින් පවතින බව වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කුමුදුනී ලොකුහේවාගම මහත්මිය පැවසුවාය.