Spread the love

නිමල් රාජපක්ෂ-

දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට හා ගංජා හෙන් , හෝටල් ආපනශාලා හා රටබීම හල්වල සිදු කළ බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කල බලපත්‍ර ලාභීන් හට සමථ ගාස්තු අයකරගෙන රුපියල් මිලියන විස්සක දඩ ආදායමක් රජයට ලබා දීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වි ඇත.
මෙහිදී වැටලිම් 3096 ක් සිදු කර නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ගාල්ල ජාඇල මීගමුව , කෑගල්ල කුරුණෑගල පුත්තලම යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන 14 දඩ මුදලක්ද ලබා ගැනීමට සමත්වු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
ඊට අමතරව හෝටල් ආපන ශාලා හා රටබීම හල්වල බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කිරීමේ වරදට කාර්මික අපරාධ වාර්තා ලබා දි ඹවුන්ගේ පෙරවැරදි සළකා බලා සමථ ගාස්තු අයකරගෙන තිබිණ. මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කලද විභාග වෙමින් තිබෙන නඩු තවමත් තිබෙන බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය
මෙම වැටලිම් සිදු කිරීමේදි නීති විරෝධී ලෙස හම්බේගමුව ,තනමල්විල යනා දි ප්‍රදේශ වල ඝන වනාත්තර වල වගා කරතිබු ගංජා හේන් බොරු වලවල් , මරඋගුක් වලින් හා වන අලින්ගෙන් බේරි දැඩි දුෂ්කර තා මධ්‍යයේ කොටු කර ගැනීමට ද සමත්වී තිබිණ.

බිඩි නිෂ්පාදකයින් ගෙන් බදු ආදායම් ලබා ගැනීමේදී ඉදිරියෙන්ම සිටිමින් ඉතා විශාල ලෙස බදු ආදායම් ලබා දිමට ද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කටයුතු කර තිබිණි

තව දුරටත් අදහස් දැක්වු නිරෝෂ් ජයකොඩි මහතා ,

කොළඹ සුරාබදු විශේෂ මෙ‍ෙහයුම් ඒකකයේ අධිකාරී පී.ඒ සුනිල් මහතාගේ උපදෙස් මත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂ නිරෝෂ් ජයකොඩි මහතා ගේ අධික්ෂණය යටතේ නිලධාරීන් මෙම වැටලිම් සිදු කළහ.