Spread the love

මේ වනවිට බලපා තිබෙන ගංවතුර තත්ත්වය නිසා ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින්  එම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA)  විසින් අද දින (03) රුපියල් මිලියන 08ක් වටිනා ඖෂධ  තොගයක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිරිනමනු ලැබීය.

මෙම ඖෂධ තොගයට ප්‍රතිජීවක ඖෂධ, නික්ෂේපන සදහා යොදා ගන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ. පශු සම්පත් සඳහා ඖෂධ තොගය සංකොත්තාමකව බාර දීමේ අවස්ථාවට JICA ප්‍රධාන නියෝජිත Mr.Yamada Tetsuya, නියෝජිතයින් වන Mr. Mizuno Tsuyoshi හා Senior Representative Mr. Noguchi Takuma හා ව්‍යාපෘති විශේෂඥ ප්‍රසාද් නිශ්ශංක මහතා ඇතුළත් පිරිසක් සහභාගි වූහ.

මෙම ඖෂධ තොගය පළාත් 09ම නියෝජනය වන පරිදි පශු සම්පත් ක්ෂේත්‍රයේ යෙදී සිටින ගොවීන් සඳහා ‌ෙබදා දීමට නියමිත අතර ඒ සඳහා එම ඖෂධ තොගය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.