Spread the love


නිමල් රාජපක්ෂ-

..

කොළඹ දිස්ත්‍රික්කයේ මාස අටක් තුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි රුපියල් රුපියල් 6500000/ වටිනා මත්ද්‍රව්‍ය තොඟයක් සමගින් සැකකරුවන් 908 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක තිලක් දිසානායක මහතා පවසයි.

අදාල බලප්‍රදේශවලින් හෙරොයින් ,ගංජා , අයිස් , කසිප්පු ,අරක්කු යන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් කොළඹ 1 සිට කොළඹ 15 දක්වා වු ප්‍රදේශවල ගතවු මාස අටතුළ සිදු කොට අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රුපියල් 2254000/ දඩ මුදලක් අයකර ගැනීමට සමත්වි ඇත.

බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කළ හෝටල් , ආපනශාලා හා රටබීම හල් වටලා බලපත්‍ර ලාභීන් 193 දෙනෙකුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත හා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් 1100000/ සමථ ගාස්තුවක් අයකර ගෙන තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඹක්තෝඹර් මස අවසානය දක්වා වු කාලය තුළ සිදු කල නීති විරෝධී මත්ජාවාරම් කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන් වටලා අධිකරණ වෙත ඉදිරිපත් කොට හා සමථ ගාස් තු අයකොට රුපියල් 3354000/ දඩ ආදායමක් රජයට ලබා දීමට කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී නීල්ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් , කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක තිලක් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ , පරීක්ෂකවරුන්වන හේරත් ,සිරිගුප්ත ,උඩපමුණුව , රණවක , දිසානායක ,මහසැරයන් පෙරේරා, සැරයන් විජේසේකර , කෝප්ප්‍රල් වරුන්වන විජේබණ්ඩාර,තුසිත කුමාර ,රාමනායක ,දේශප්‍රිය ජයකොඩි ,නුගේතැන්න ,චන්ද්‍රසේකර ,බස්නායක ,කුරුප්පු ,සනත් පද්මකුමාර ,විතුර්ෂන්,අනෝජන්,කාන්තා නියාමිකාවරන්වන ,ශ්‍රීමතී ජයරත්න, චතුරන්ගි ප්‍රනාන්දු , නියාමකවරන්වන,විජේවර්ධන ,අල්විස්, මානන්දුව යන නිලධාරීහු මෙම වැටලිම් සිදුකළහ.