Spread the love

මුල්කිරිගල , ගුණරත්න

කටුවන – වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක රියදුරුට නින්ද යාමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් ගත් පහලොස් දෙනෙකුගෙන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි කටුවන පොලිසිය පවසයි .
අනතුර සිදු වී ඇත්තේ ඊයේ (26) අලුයම 3.40 ට පමණ ය‍
කාන්තාවන් හය දෙනෙකු සහ රියදුරු තුවාල ලබා තිබේ . තුවාල කරුවන් කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකර යවාඇත .
ඉන් එක් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය . රියදුරු සහ අනතුරින් තුවාල ලැබූ එක් කාන්තාවක් කටුවන රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
කැබ් රථයේ රියදුරු කටුවන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .
කටුවන පොලිසියේ රථවාහන අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .