Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හෙට (30) දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම අවලංගු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ලිපියක් යොමුකර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව අනුව විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ, ලේකම්වරයා වශයෙන් තමාට බවයි. ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධී රැස්වීමක් බවත් එම රැස්වීම අවලංගු කරන ලෙසත් එසේ සිදු නොකළ හොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලිපිය මඟින් අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කරයි.