බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති බව වාර්තා වෙයි.
එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටිතැයි සදහන්ය.
කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබේ.
බැංකුවල ස්ථාවර තැන්පතු පිටතට ඇදියාම හේතුවෙන් බැංකුවල ද්රව්යශීලීතාවය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.
බැංකු වලට පමණක් නොව වෙනත් මුල් සමාගම් කිහිපයටත් මෙම අර්බුදය බලපා තිබේ.
මෙරට බැංකු තැන්පතු මිලියන 65ක් පමණ ඇති අතර ඒවායේ මුළු තැන්පත් මුදල් ප්රමාණය බිලියන 1700ක් පමණ වෙයි.