Spread the love

(23) හෙට ආරම්භ වන 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා බන්ධනාගාර රැදවියන් 15 දෙනෙකු පෙනීසිටිමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු ,නව මැගසින් බන්ධනාගාරයේ රදවා ඇති එල්.ටී.ටි.ඊ.රැදවියන් 04 දෙනෙකු විභාගය සදහා පෙනිසිටිමට නියමිතයි.මේ අතර වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ වරදකරුවන් 10 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටීමට නියමිතයි.

නව මැගසින් බන්ධනාගාරයේ සහ වටරැක බන්ධනාගාර සුනීත පාසලේ එම රැදවියන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතිබව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.