Spread the love

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (26) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශෙය් විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

2022 වර්ෂයේ මෙරටට පැමිණ ඇති අදාල දකුණු කොරියානු ජාතිකයා සිය පුත්‍රයා සතු කොරියානු කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබි තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි මත ඒ පිළිබඳ තොරතුරු අනාවරණය ඇත.
විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාරික වීසා මත අදාළ දකුණු කොරියානු ජාතිකයා මෙරටට පැමිණ තිබේ.
ඊට අවශ්‍ය නීතිමය අවසරය නොලැබීමෙන් පසු මෙසේ රැකියා සඳහා තරුණයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගෙන තිබේ.
අත්අඩංගුවටගත් දකුණු කොරියානු විදේශිකයා අද දින හෝමාගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම කාර්‍යංශය වැඩිදුරටත් පවසයි.