Spread the love

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

සනත් නිශාන්ත මහතා මියයන විට 48 හැවිරිදි වියේ පසුවිය.
මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ රාගම රෝහලේ දී පැවැත්විණ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමතිවරුන් ඇතුළු සමීපතමයින් රැසක් රාගම රෝහල වෙත පැමිණ තිබිණි