Spread the love

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට ඇත.

මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිර පරීක්ෂා සිදු කරගැනීමට වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

කෙසේ වෙතත් රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බව කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.