Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදුන්හොත් එම පක්ෂයට ඡන්ද නොලැබෙන බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

කැනඩා සංචාරයක නිරත වන අතරතුර ඔහු මේ බව කියා සිටියේ එරට ටොරොන්ටෝ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

“බැසිල් පාර්ලිමේන්තු ඡන්දය කලින් තිබුනොත් හොඳයි කියනවා. ජනාධිපතිවරණයකදී වැඩිම අසීරුතාවයකට මුහුණදෙන්නේ ඔවුන් එක්කෝ රනිල්ට සහාය දෙන්න ඕනේ. රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව ඉවරයි නැත්නම් වෙනකෙනෙක් දාන්න ඕනේ. වෙන කෙනෙක් දැම්මොත් ඡන්ද ලැබෙන්නේ නැහැ.

ගෙදර ගියොත් අඹු නසී – මඟ හිටියොත් තෝ නසී. ඒකයි මහමැතිවරණය කලින් ගන්න හදන්නේ. මහමැතිවරණය කලින් ගන්න පුළුවන් රනිල්ට විතරයි. අද පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් හෙට රනිල්ගේ බලය ඉවරයි.

දැනට දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 පැවැත්වෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.

ජනතාව පීඩාව දරාගෙන ඉන්නේ. මැතිවරණයකදී පාඩමක් උගන්වන්න. රට ගොඩනගන්න අපිත් එක්ක එකතුවෙන්න. ජනතාවගෙත් – පාලකයාගෙත් . අපේක්ෂාව එකක්වෙන ආණ්ඩුවක් අපි හදමු”