Spread the love

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමාන කළ හැකි නායකයෙකු වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ කණ්ඩායම් හා පක්ෂ එක් කරගෙන පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීමට වික්‍රමසිංහ මහතාගේ සැලැස්මක් ඇති බවද හෙතෙම පැවසීය.

මහලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය බොහෝ දෙනකු නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට යළි එක්වුණු ඇති බවත් ඒ මහතා එහිදී තවදුරටත් කියා සිටියේය.