Spread the love



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.


මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි. තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.


එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කියයි.
.
ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් ඇත්නම් යෝජනා කරන්නැයි පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් සියළු දෙනා කීවේ එවැනි විකල්පයක් නොමැති බවයි.