Spread the love

තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයට එක් වී සිටින අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන්ගේ සහාය පළකරන බවද ඔහු පැවසුවේය.

මෙම අශුද්ධ සන්ධානය පරාජය කිරීමට ජනාධිපතිවරයා සමග එකතුවෙන ලෙස විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.