Spread the love

නාගොඩ -සුමන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි නායකයෙකු කිසිදු රටක නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති උස්සවයකදී පැවසීය.
ජනාධිපතිවරයා නිසි සැලැස්මක් යටතේ සිය වගකීම් මැනවින් ඉටු කරන බව එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ද දැනුවත් බව මංත්‍රීවරයා පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ලබා ගෙන ඇති ණය 2028දී ගෙවන බව එම ආයතන වලට ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

ඊට එම මූල්‍ය ආයතන එකඟතාව පළකර ඇතිබව මංත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.