Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ඊයේ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.

එ් අනුව නැවත වතාවක් දෙපාර්ශවය ඉදිරි ආසන්න දිනකදී මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය, බලය බෙදීම ඇතුළු ප්‍රතිපත්තිම කාරණා සම්බන්ධයෙන්ද සාකච්චාවේදී අදහස් හුවමාරු කරගෙන ඇත.

කෙසේ නමුත් ඉතිරි ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි ද වාර්තා වෙයි