Spread the love

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ රන් පවුමක මිල මේ වන විට තව දුරටත් පහළ බැස තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් හිමිවීම සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මත මෙම මිළ පහළ යාම සිදුව ඇත.

ඊයේ දිනයේ පමණක් රන්පවුමක මිල රුපියල් 10,000කින් පහළව ගොස් මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ පනස් දහසට අඩු මට්ටමට පැමිණ තිබේ.