Spread the love

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 15 වටිනා රන් මාලයක් ,රන් පෙන්ඩනයක් කොල්ලකා තිබේ.

කොල්ලකරු විසින් අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 35ක් බලෙන් ලබා ගෙන ඇතිබව පොලිසිය පවසයි.

අත්අන්ඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු විසින් අවස්ථා කිහිපයකදී මෙම වියාපාරිකයාට තර්ජනය කර රුපියල් ලක්ෂ 35 මුදලක් බලෙන් ලබා ගෙන ඇතිබව පොලිසිය පවසයි.

සැකකරු

අද පානදුර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොල්ලකන රන් භාණ්ඩ සහ මුදල් සොයා හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.