Spread the love

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටළු හමුවේ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හාන්සි වූ ආකාරයකින් සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවය.

සැබෑ ගැටළු අමතක කරවීමට වෘත්තිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමට පාලකයින් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා හමුදාව ද යොදා ගනිමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල බිය වැද්දවීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බවද කුමුදේශ් මහතා මෙහිදී සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍යවරුන්ට ගෙවීමට ගත් තීරණය හේතුවෙන් සෙසු සෞඛ්‍ය වෘත්තිකයින් අසාධාරණයට ලක්ව ඇති බවත් ඔවුන් සඳහා පිළිගත හැකි විසදුමක් ලබා නොදෙන්නේ නම් ලබන අඟහරුවාදා සිට සියලුම සෞඛ්‍ය සේවකයින් දීප ව්‍යාප්ත මට්ටමින් වැඩවර්ජනයකට අවතීරණය වන බවත් රවී කුමුදේශ් මහතා කියා සිටී.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ආණ්ඩුවේ කසකරුවෙකු ලෙසහැසිරෙමින් ක‍්‍රියාකිරීම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවද කුමුදේශ් මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.