Spread the love

රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගනු ලැබුවත් අද අපේ රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දි ඇති බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා පුද්ගලයන් බවත් මහබැංකු ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද ත්‍රස්තවාදයක් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කළුතර පැවැති සමගි රණවිරු බලවේගයේ රැස්වීම අමතමිනි.