රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එම නීතිය ක්රියාත්මක කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවයි අද (18) දකුණු පළාතේ පොලිස් ප්රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව අවධාරණය කරයි.්
